අනුරාධපුර ළමා හිංසන නඩුවේ වින්දිත දැරිය ගණිකාවක් ලෙස හැඳින් වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම අත්අඩංගුවට ගන්නැයි ළමා හිංසනයට තිත සංවිධානය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත.
දිළුම් අමුණුගම මෙහිදී පැහැදිලිවම කරන්නේ වින්දිත දැරියට බලපෑමක් යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසයි.
වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ පනතට අනුව එය අපරාධමය වරදක් යැයි ද එනිසා නීතිය අනුව කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියට හා පොලිස් කාර්යාංශයට බල කරන්නේ යැයි ද වෛද්‍යවරිය කීය.
ඇය මෙසේ ද කීය.
“අප මේ පෙනී සිටින්නේ දරුවා වෙනුවෙන්. අපරාධය කවුරු කළත් අපරාධයක්. සහ කම්පනයක් ඇති හදවතේ දයාවක් ඇති සමාජයක යුතුකම වන්නේ වින්දිත දැරිය වෙනුවෙන් පෙනීසිටීමයි. නමුත් මේ සිදුවන විගඩම් හා නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතාව නිසා සැකකාර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට විශේෂ සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා. අපි ගරු කරන්නේ අටමස්ථානයට. අප ප්‍රශ්න කරන්නේ බලය පාවිච්චි කරන හේමරතන නමැති පුද්ගලයාවයි. මෙතන අපට ආගම සම්බන්ධයෙන්වත් සංඝ ශාසනය සම්බන්ධයෙන්වත් ගැටලුවක් නෑ. ගැටළුව ඇත්තේ සැකකරුවකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උදාසීන වන ආයතන සම්බන්ධයෙන්. එනිසා ළමා ආරක්ෂක අධිකාරියත් පොලිසියත් වටේ යන්නෙ නැතිව කඩිනමින් ක්‍රියාත්මක වන්න”

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කරන්නැයි ඉල්ලීමක්
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
විමල්ගේ නඩුවක් කල් යයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්
2023න් පසු ඩොලරයේ විකුණුම් මිල පළමුවරට රුපියල් 350 පනී