Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්

9 hours ago

කොළඹ ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ මෙරට ඉතිහාසයට අතිශය වටිනා පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි.

මෙම සිතුවම් අතුරුදන් වීම ඊයේ පෙරේදා සිදු වූවක් නොවන අතර, භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වසරේදී ජාතික කලාභවනේ සිදුකරන ලද විශේෂ චිත්‍ර හා මූර්ති සමීක්ෂණයකින් පසුව මේ පිළිබඳ නිල තොරතුරු වාර්තා වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව තොග පොතෙහි සඳහන්ව තිබූ මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවත් කලා භවනේ මේ වනවිට ඇත්තේ, සිතුවම් 239ක් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *