අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ මේ නඩු විභාගය පවත්වා තිබෙන අතර මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන් ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වී තිබෙනවා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූනි මස 08 වැනිදා අදාල නඩුව දක්වා කල් තබා තිබෙන බව සඳහන්.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකරනු ලැබුවා.

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කරන්නැයි ඉල්ලීමක්
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
දිලුම් අමුණුගමව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්
2023න් පසු ඩොලරයේ විකුණුම් මිල පළමුවරට රුපියල් 350 පනී