වෙසක් සමයේ සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම දිරිමත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.
සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැලඳීම සඳහා වැඩි ඉඩක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පෙන්වා දෙන්නේ.
මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පැතිරයන බෝවන රෝග තත්ත්වයන්ද සලකා මෙම ඉල්ලීම සිදුකෙරෙනවා.
මේ අතර දන්සැල් සංවිධානය හා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධීකරණය කර ගැනීමට ද අමතර සහායක් අවශ්‍ය වන අවස්ථාවලදී ඇමතීමට දුරකථන අංක කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒවා මෙසේය :
1.කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සම්බන්ධයෙන් , ටී.එච්.වී.සී. විතානගේ මහතා , ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොළඹ මහ නගර සභාව : 0776697674
2.අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් : කේ.කේ.එල් ජයලාල් මහතා, සහකාර අධ්‍යක්ෂ ,මධ්‍යම ආහාර පාලන ඒකකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0779191010
3. අනෙකුත් අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් : ජානක සුනෙත් බණ්ඩාර මහතා , සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 0714327387
4. විස්තර විමසීමට හා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන්, රජයේ කාර්යාල රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා. ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0112670182

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
විමල්ගේ නඩුවක් කල් යයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
දිලුම් අමුණුගමව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්
2023න් පසු ඩොලරයේ විකුණුම් මිල පළමුවරට රුපියල් 350 පනී