Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරණගේ නඩුවල තීන්දු කල්යයි

3 minutes ago

දූෂණ චෝදනා එල්ලවී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට නියෝග කර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදීය.

අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. 

එහෙත් එම නඩු අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නිවේදනය කළේ එම නඩුවල තීන්දු සූදානම් කර නොමැති බවය. 

ඒ අනුව තීන්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *