දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකුගේ නිවෙසට සිදුව ඇති පුර්ණ හානිය වෙනුවෙන් රජයෙන් ලබා දෙනු ලබන ලක්ෂ 50ක ආධාර මුදලට අදාල පළමු වාරිකය ලබා දිමේදී එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 10ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත් බව කියන තණමල්විල ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු ඇතුලු තවත් පුද්ගලයෙක් ලබන 9 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(25) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
තණමල්විල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු වන වි.ජි. නිමල් නමැත්තා සහ සිවිල් පුද්ගලයෙකු වන කෘස් වින්ස්ටන් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පැමිණිලිකාරියගේ නිවසට සිදුව ඇති පූර්ණ හානිය වෙනුවෙන් රජය විසින් ලබා දීමට අනුමත කර ඇති රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් පළමු වාරිකය ලෙස ලබා දෙන ලක්ෂ 20 ක මුදල ලබා දිමේදී මෙම සැකකරු ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ගෙන ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව සියලු විමර්ශන සිදුකර වර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

විමල්ට ඇප
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්