පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසු වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රැඳවුම් භාරයේ පසු වූ කාලසීමාව තුළ තමන්ට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන බවට චෝදනා කරමින් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි. මෙම උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ඇති වූ යම් යම් සංකූලතා මත ඔහුව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව සුරේෂ් සලේ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) කණ්ඩායම් කිහිපයක් රෝහල තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ රාජකාරී සඳහා යොදවා තිබේ.

අද අව් – වැසි තත්ත්වය
අද සිට ආරම්භ වන දින 3ක විශේෂ වැඩසටහන
පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්
සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
නාවලපිටියේ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ අවසන් කටයුතු කරයි
දන්සලේ අනතුර සිදු වී සතියයි! තවත් බීමත් රියදුරෙක් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි උඳුරාගනියි!
පාප් වහන්සේගේ මැඩ්රිඩ් දේව මෙහෙයට මිලියන 1.2ක්
සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි
අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට
සුරේෂ් සලේගේ නීනි උපදේශකගෙන් CID අධ්යක්ෂ ශානි අබේසේකරට ලිපියක්
‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් ඉල්ලා හිටපු ජනපතිනි චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී
අතුරුදන්ව සිටි රජයේ සේවකයාගේ මළසිරුර ළිඳකින් හමුවෙයි