Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සලේ වෙනුවෙන් ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්

27 minutes ago

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසු වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රැඳවුම් භාරයේ පසු වූ කාලසීමාව තුළ තමන්ට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන බවට චෝදනා කරමින් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි. මෙම උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ඇති වූ යම් යම් සංකූලතා මත ඔහුව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සුරේෂ් සලේ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) කණ්ඩායම් කිහිපයක් රෝහල තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ රාජකාරී සඳහා යොදවා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *