Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද සිට ආරම්භ වන දින 3ක විශේෂ වැඩසටහන

25 minutes ago

දිවයින පුරා ඉහළ යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අද (08) සිට ජූනි 10 වැනිදා දක්වා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

දිස්ත්‍රික්ක 12කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව පසුගිය ජුනි 5වැනිදා වනවිට රෝගීන් 36,168ක් වාර්තාවී ඇත. ඉන් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

ඊට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලද රෝගීන් වාර්තා වී තිබේ.

එමෙන්ම මේ දක්වා මරණ 20ක් වාර්තා වී ඇති අතර, ඉන් තිදෙනෙක්ම කුඩා ළමුන් බව සඳහන්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *