අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27(2) යටතේ නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විනිසුරුවරුන්ට අමතරව වෙනත් වෘත්තිකයින් විසින් ද විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ඉල්ලුම් කර ඇති බවය.
රජයක් ලෙස එම ඉල්ලීම් කෙරෙහි සාධනීයව සලකා බලන අතර එහිදී ඇතැම් ඉල්ලීම් සාධාරණ වූව ද ඇතැම් ඉල්ලීම් දේශපාලනික බව අමාත්‍යවරයා පවසයි.
කෙසේවෙතත් මේ කරණු සම්බන්ධයෙන් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බැසිල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් CIDයට නියෝග
රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්
ලෝක ශූර නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුපිරි ජයක් ලබයි
හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි
සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
පොලිස් සේවය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට QR කේතයක්
මෙසීගෙන් ඓතිහාසික ගෝල ත්‍රිත්වයක්! ලෝක කුසලාන වැඩිම ගෝල වාර්තාව සමකරයි
බොරතෙල් බැරලයක මිල පිම්මේ පහළට
සවස 2න් පසු වෙනස්වන කාලගුණය
වැඩි මිලට වතුර බෝතල් විකුණූ ආයතනයකට ලක්ෂ ගණනක දඩයක්