ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් වරදකරු බවට තහවුරු වූ නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි ‘මෙට් මාරිට්’ (Mette-Marit) කුමරියගේ වැඩිමහල් පුත්‍රයාට වසර හතරක (04) සිරදඬුවමක් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ලෝ දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි.
මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ 29 හැවිරිදි මාරියස් බෝග් හොයිබි (Marius Borg Høiby) නමැත්තාට ය. ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ සහ ගෘහස්ථ හිංසනය ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබූ අතර, ඉන් චෝදනා දෙකක් සඳහා ඔහු වැරදිකරු බවට අධිකරණය හමුවේ මේ වන විට තහවුරු වී ඇත.
කෙසේ වෙතත්, අධිකරණය විසින් නියම කරන ලද මෙම දඬුවමට එරෙහිව ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරුන් මේ වන විටත් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මෙම අදාළ ස්ත්‍රී දූෂණ චෝදනා මත 2024 වසරේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, මෙම ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් නෝර්වේ රාජකීය පවුලේ කීර්ති නාමයට සහ ජනප්‍රියත්වයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට