Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩි මිලට වතුර බෝතල් විකුණූ ආයතනයකට ලක්ෂ ගණනක දඩයක්

3 days ago

උපරිම සිල්ලර මිල (MRP) උල්ලංඝනය කරමින් වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ ආයතනයකට අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (15) දින රුපියල් 500,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගැසට් නිවේදනයට අනුව රුපියල් 100/- ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කර තිබූ ලීටර 01 ක ධාරිතාවයෙන් යුත් පානීය ජල බෝතලයක්, රුපියල් 120/- බැගින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් නඩු පවරා තිබුණා.

අධිකරණය හමුවේ අදාළ චෝදනාවට විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම ලක්ෂ 5ක දඩය නියම කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *