ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා ලබා ගැනීම සඳහා නව QR කේත පද්ධතියක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සේවාවන් සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාර සෘජුව ලබා ගැනීම සඳහා “Sri Lanka Police Community Feedback Portal” නමින් Online Digital Platform එකක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
මෙම ක්‍රමවේදය මඟින් පුරවැසියන්ට තම අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වන අතර, එම තොරතුරු විශ්ලේෂණය කර ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීම මෙහි අරමුණ බව පොලිසිය සඳහන් කරයි.
QR කේතය භාවිත කිරීමේදී ජනතාවට අදහස, පැමිණිල්ල, ප්‍රශංසාව හෝ යෝජනාව යන අංශයන්ගෙන් අදාළ විකල්පය තෝරා ගැනීමට හැකි අතර, අවශ්‍ය නම් පුද්ගලික තොරතුරුද ඇතුළත් කළ හැකිය.
එමෙන්ම පොලිස් ස්ථානයට පැමිණි කාරණය, සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තරද අදාළ පද්ධතියට ඇතුළත් කිරීමට පහසුකම් සලසා තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ E-Services වෙත පිවිස Community Feedback Portal හරහාද මහජනතාවට සිය ප්‍රතිචාර ලබාදිය හැකි බව පොලිසිය පවසයි.
සියලුම පොලිස් ස්ථානවල මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන වන පිළිගැනීමේ අංශ සහ චෝදනාගාර ආසන්නයේ මෙම QR කේත පුවරු ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම සේවාව සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී එම පහසුකම භාවිත කිරීමට මඟ පෙන්වන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරකට අධිකරණයෙන් දුන් නියෝගය
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
මෙරට ඉන්ධන මිල පහත දමන දිනය ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්
අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි
රවීගේ, ශානිගේ පත්වීම ගැන ඇමති බිමල් දැන් කියන කතාව
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝම්බරයේ