Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවසන් මොහොතේ ශ්‍රී ලංකාව පරදා ජය ලැබූ කොදෙව්වන්

17 seconds ago

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කඩුලු 7කින් ජය ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.2කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව, විශිෂ්ට හයේ පහරක් සමගින් 149ක් ලබාගැනීමට කොදෙව්වන්ට හැකියාව ලැබුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වූ නායක කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමත් වූහ. 

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 26කදී ලකුණු 43ක සබඳතාවක් ගොඩනැගූ නමුත්, පැතුම් නිස්සංකගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල විය.

ඉන් අනතුරුව නායකත්වයේ ඉනිමක් දියත් කිරීමට උත්සාහ කළ කුසල් මෙන්ඩිස් පන්දු 23කදී වේගවත් ලකුණු 36ක් රැස්කළේය. 

ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූ ඔහුගේ එම අගනා ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී කොදෙව්වන් වෙනුවෙන් ජේසන් හෝල්ඩර් සහ ෂමාර් ජෝසප් කඩුලු 03 බැගින් දවා ගත්තා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *