ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ඉදිරියක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ. ඒ අනුව ඔහු ලෝකයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
නවතම වර්ගීකරණයට අනුව රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටියි.
මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ටය.
දෙවැනි ස්ථානයේ පසුවන ඇන්ඩර්සන් පීටර්ස් (ලකුණු 1,326) සහ රුමේෂ් තරංග අතර ඇත්තේ ලකුණු 2ක ඉතා සුළු පරතරයක් වීම විශේෂත්වයකි.
ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ඔලිම්පික් රන් පදක්කම් ලාභී ක්‍රීඩකයන් දෙදෙනෙකුම අභිබවා යාමට රුමේෂ් තරංගට මෙහිදී හැකියාව ලැබී ඇත.
ඒ අනුව ලෝක ප්‍රකට ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා මෙම ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ පසුවන අතර, පාකිස්තානයේ අර්ශාද් නදීම් පසුවන්නේ 10 වැනි ස්ථානයේය.
රුමේෂ් තරංග මෙම සුවිශේෂී දක්ෂතාව කරා ළඟා වූයේ පසුගියදා ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදීය.
එහිදී මීටර් 92.62ක අතිවිශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට ඔහු සමත් විය.
මෙම දක්ෂතාවත් සමඟින් රුමේෂ් තරංග ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සනිටුහන් කිරීමට සමත්ව සිටියි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට