කසාගල ග්‍රීන් ප්ලාන්ටේශන් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන ආයතනයක් බවට එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු එකක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ඊයේ (12) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව නිල වශයෙන් දන්වා සිටියේය.
පසුගිය 2026 ජූනි 08 වන දින ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) විකාශය වූ “පිනි වියන” වැඩසටහනට එක්වෙමින් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මල්වත්තගේ රංජිත් නන්දන පීරිස් මහතා විසින් ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ සමාගම මහ බැංකුව මඟින් නියාමනය වන බවත්, සෑම මාස 6කට වරක්ම මහ බැංකුවට ලිපි ලේඛන ඉදිරිපත් කරන බවත්ය. කෙසේ වෙතත් මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශයන්හි කිසිදු නෛතික පදනමක් නොමැති බවයි.
විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වැඩසටහන නැරඹූ මහජනතාවට මෙවැනි ව්‍යාජ ප්‍රකාශ හේතුවෙන් බරපතළ මූල්‍ය හානියක් සිදු විය හැකි බව මහ බැංකුව අනතුරු අඟවයි.

බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය තුන් ගුණයකින් ඉහළට
ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක්
කුඩා ගඟ අවට සුළු ගංවතුර තත්ත්වයක්
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
මහනුවර – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්
වාහන ආනයනයට දාපු සීමා කිරීම්වලින් ලැබුණු ප්‍රතිඵල
ශක්තිය තියෙනවා, අපිට බලය දෙන්න – මහින්ද රාජපක්ෂ
ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති අතර හමුවක්
ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩාවැටී බිහිසුණු අනතුරක්
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට! සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක්!
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට එරට පොලිසියෙන් ගුටි පූජාවක්
‘දැයට කිරුළෙන්’ ලක්ෂ 2,918ක වංචාවක්? ශිරන්ති රාජපක්ෂට සහ සියඹලාපිටියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්