Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුපිරි පිතිකරු කේන් විලියම්සන් ක්‍රිකට් පිත්ත අතහරින්න සැරසෙයි

1 hour ago

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි පිතිකරු කේන් විලියම්සන් (Kane Williamson) වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව, ඔහු තම මව්බිම වෙනුවෙන් වසර 16ක් පුරාවට නිරත වූ අතිවිශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට මෙලෙස සමුදෙනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් (Formats) නියෝජනය කරමින් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමින් විලියම්සන් සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම විශේෂත්වයකි. ඔහු නවසීලන්ත කණ්ඩායම මෙහෙයවමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී ජයග්‍රහණ රැසක් සිය රටට අත්කර දීමට ද සමත් වූ විශිෂ්ට නායකයෙකු ලෙස සැලකේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *