ඉන්ධන සඳහා රජය ලබාදෙන සහනාධාර ජුනි මාසයෙන් අවසන් වන බව ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.
එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඔවුන් සඳහන් කළේ ඉන්ධන මිල ගණන් වැඩිවීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.
ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි 13 වන දින පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
එහෙත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රු 100ක මුදලක් වැය කරමින් රු 392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තුළ ද සංස්ථාව පාඩු ලබමින් සිටින අතර, එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට