පවතින ජීවන වියදම් හමුවේ මහජනතාවට උපරිම සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9ක මිල ගණන් අද (18) දින සිට අඩුවන පරිදි පහත දැමීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයට අනුව, මෙම මිල අඩු කිරීම්වලට අදාළ සහනය අද (18) උදෑසන සිටම දිවයින පුරා විසිරී ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයින්ට ලබාගත හැකි වනු ඇත.
ඒ අනුව මෙලෙස පහත දැමූ අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙසේයි.
ලොකු කඩල කිලෝවක් රුපියල් 5කින්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින්, පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 6කින්, රතුනාඩු සහල් කිලෝවක් රුපියල් 5කින්, සම්බා රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10කින්, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 5කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 2කින් සහ සුදු කැකුළු සම්බා සහල්ල කිලෝවක් රුපියල් 5කින් මිල පහත දමා තිබෙනවා.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
පාසල් නේවාසිකාගාර නවීකරණයට දැවැන්ත මුදලක් වෙන් කරයි
ටිකෙන් ටික ශක්තිමත් වන ශ්‍රී ලංකා රුපියල
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
ගුරුවරියකට මුහුණදීමට සිදු වූ අවාසනාවන්ත ඉරණම
අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
මෙරට ඉන්ධන මිල පහත දැමීම ගැන ඉඟියක්
උඩරට දුම්රිය 20 වැනිදා සිට නානුඔයෙන් බදුල්ලට
වාහන මිල යළි ඉහළ ලකුණු! එක් එක් වාහනයේ මිල ඉහළ නගින ආකාරය මෙන්න!
තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ මළසිරුරක් හමුවෙයි