පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද (18) යළි අභියාචනාධිකරණයේ දී සලකා බැලීමට නියමිතයි.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.
මෙම පෙත්සම ඊයේ කඳවූ අවස්ථාවේදී කරුණු තහවුරු කිරීම සඳහා අද යළි කැඳවන බවයි සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ.
මෙවන් පසුබිමක, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවද නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
පෙත්සම කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු කටයුත්තෙන් ඉවත් වන බවයි.
මේ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවයි.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති