දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් එළැඹෙන සෙනසුරාදා (20) සිට යළි ආරම්භ කිරීමට නියමිතය.
හැටන් ලංගම ඩිපෝවේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා අද (17) පැමිණි අවස්ථාවේදී මේ බව අනාවරණය කළේය.
මේ වනවිට උඩරට දුම්රිය ධාවනය බදුල්ල සහ අඹේවෙළට පමණක් සීමා වී ඇත.
සුළි කුණාටුවෙන් හානියට පත් දුම්රිය මාර්ගයේ සෙසු කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ඉතා කඩිනමින් සිදුවෙමින් පවති බවද මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේය.
ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට නාවලපිටියේ සිට බදුල්ල දක්වා සම්පූර්ණයෙන්ම මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි හෙතෙම පැවසීය.

සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා