පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග, ආනයනය කරන ලද පාවිච්චි කළ වාහනවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) සඳහන් කරනවා.
VIASL උප සභාපති සහ ප්‍රකාශක අරෝෂ රුද්‍රිගෝ පවසන්නේ, මෙම තීරණයේ බලපෑම සමස්ත වෙළෙඳපොළටම දැනෙනු ඇති බවත්, ඒ අනුව ජනප්‍රිය වාහන මාදිලිවල සැලකිය යුතු මිල වැඩිවීමක් අපේක්ෂා කරන බවත්.
Honda Vezel Z Play වැනි ඉතා වේගයෙන් අලෙවි වන මාදිලියක මිල රුපියල් ලක්ෂ 20කින් පමණ ඉහළ යා හැකි අතර, Suzuki Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 7.5කින් සහ Yaris රථයක් ලක්ෂ 10කින් පමණ ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළා.
ආනයනය කරන ලද පාවිච්චි කළ වාහන සඳහා යොදා ගන්නා රේගු තක්සේරු ක්‍රමවේදයේ සිදුවූ වෙනස්කම් මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, 2016 ජුනි 14 දිනැති අංක 1971/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෝටර් රථවල රේගු වටිනාකම තීරණය කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේද දෙකක් නියම කර ඇති බවයි.
එහි 1(A) වගන්තිය අලුත්ම (Brand-new) මෝටර් රථ සඳහා අදාළ වන අතර, 1(B) වගන්තිය පාවිච්චි කරන ලද වාහන ඇතුළු අනෙකුත් සියලුම මෝටර් රථ සඳහා අදාළ වන බව සඳහන්.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්