Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පිරිසකට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නොතීසි

2 hours ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ඇතුළු එම පක්ෂයේ නිලධාරීන් අට දෙනෙකුට එළඹෙන ජූලි මස 31 වනදා නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නුවරඑළිය දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් ලංකාගානී ප්‍රබුද්ධිකා මෙනවිය විසින් අද (25) දින නොතීසි නිකුත් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, තලවකැලේ ලිඳුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නාගරික මන්ත්‍රී ඔරුකඳ ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ජූනි 17 වන දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් තමන්ව නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පක්ෂය ගෙන ඇති තීරණය අසාධාරණ බව පවසමින් අසංක සම්පත් පීරිස් මහතා මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ, ජූනි 18 වන දින අදාළ නගර සභාවට නව සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ අවස්ථාවේදී සභාව තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂයෙන් තමන්ට ලිඛිතව හෝ වාචිකව කිසිදු උපදෙසක් ලබා දී නොතිබූ බවයි.

පක්ෂයෙන් නිසි මඟපෙන්වීමක් නොලැබුණු බැවින් තමන් අදාළ අවස්ථාවේදී ස්වාධීනව කටයුතු කළ බවත්, එලෙස කටයුතු කිරීම පදනම් කරගනිමින් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා මෙලෙස පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කිරීම දැඩි අසාධාරණයක් බවත් පෙත්සම්කරු අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *