Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉතිහාසගත වූ චමරි අතපත්තු

30 minutes ago

2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළේය.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම මෙහෙයවූ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 106ක් රැස් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූවාය. 

ඇයගේ ඉනිමට හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

චමරි අතපත්තු තරගයේ වීරවරිය ලෙසද තේරී පත්වූවාය.

ඇයගේ මෙම ශතකයත් සමඟ වාර්තා පොත් අතරට එක් වූයේ ICC කාන්තා T20 ලෝක කුසලානයකදී ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *