Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි

41 minutes ago

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පැහැදිලි පහත වැටීමක් අද (25) දින ද වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ගෝලීය තෙල් මිල නිර්ණය කිරීමේ ප්‍රධාන දර්ශකයක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 72.32ක් දක්වා පහත වැටී ඇත. පෙරේදා (23) දින බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 77.90ක් ලෙසය. ඒ අනුව දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 5කට වඩා වැඩි අගයකින් අඩු වී තිබේ.

ඇමරිකානු තෙල් දර්ශකය වන WTI වර්ගයේ බොරතෙල් මිල දරුණු ලෙස කඩා වැටෙමින් ඩොලර් 70 මනෝවිද්‍යාත්මක සීමාවෙන් ද පහළට පැමිණ ඇත. වර්තමානය වන විට WTI බැරලයක මිල ඇමරිකානු ඩොලර් 69.20ක් ලෙස සටහන් වේ. පසුගිය 23 වැනිදා ඩොලර් 74.10ක් ලෙස පැවති WTI මිල, මේ වන විට දින දෙකක් ඇතුළත ඩොලර් 4.90ක සෘණාත්මක අගයක් වාර්තා කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *