සමස්ත ක්‍රීඩා ලෝකයම මවිතයට පත් කරමින්, ලෝක කුසලාන පාපන්දු තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව එකම ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සදාකාලික ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. 2026 ලෝක කුසලාන තරගාවලියේ උස්බෙකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඔහු මෙම ඓතිහාසික කඩඉම පසු කළේය.
તરගයේ ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වූ රොනාල්ඩෝ, ප්‍රතිවාදී උස්බෙකිස්තාන ආරක්ෂක වළල්ල මුළුමනින්ම බිඳදමමින් අතිවිශිෂ්ට ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. මේ සමඟින් තරගයේ මුල් භාගයේදීම පෘතුගාලය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ අතර, කණ්ඩායමේ පීඩනය ලිහිල් කිරීමට ද එය විශාල උපකාරයක් විය.
දැන් 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ, මෙතෙක් ලෝක පාපන්දු ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයෙකුට ළඟාවීමට තබා සිතීමටවත් නොහැකි වූ දැවැන්ත කඩඉමක් මේ හරහා පසුකර ඇත. ඒ අනුව ඔහු වසර 20ක කාලයක් පුරා පැවැත්වුණු පහත ලෝක කුසලාන තරගාවලි හයකදීම අවම වශයෙන් එක් ගෝලය බැගින් හෝ රැස්කරමින් සිය අණසක පැතිරවීමට සමත්ව තිබේ:
- 2006 – ජර්මනිය
- 2010 – දකුණු අප්‍රිකාව
- 2014 – බ්‍රසීලය
- 2018 – රුසියාව
- 2022 – කටාර්
- 2026 – වත්මන් ලෝක කුසලානය

පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්