ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසී (Lionel Messi) ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාවට එරෙහිව පැවති තරගයේදී ගෝල 2ක් වාර්තා කරමින් ආර්ජන්ටිනාවට ජයග්‍රහණය ගෙන දුන් අතර, එහිදී ඔහු විසින් බිඳ හෙලන ලද ඓතිහාසික ලෝක වාර්තා 4ක් ගිනස් ලෝක වාර්තා (Guinness World Records) ආයතනය විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඔස්ට්‍රියාවට එරෙහිව පැවති මෙම තරගයෙන් ආර්ජන්ටිනාව ගෝල 2-0ක විශිෂ්ට ජයක් ලැබූ අතර, එම ගෝල ද්විත්වයම වාර්තා කරන ලද්දේ මෙසී විසින්.
මේ සමගම ඔහු ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන වාර්තා කිහිපයකට හිමිකම් කීමට සමත් වුණා.
ඒ අනුව, ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝසගේ ගෝල 16 පරාජය කරමින් මෙසී ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලෙස ගෝල 18ක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.
එසේම තනි ක්‍රීඩකයෙකු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ ක්‍රීඩා කළ වැඩිම තරග සංඛ්‍යාවේ වාර්තාව ද මෙසී සතුයි.
ලෝක කුසලාන පිටියේදී ක්‍රීඩකයෙකු කණ්ඩායම සමග ලබා ගත් වැඩිම තරග ජයග්‍රහණ සංඛ්‍යාවේ වාර්තාව ද මෙසී තමන් සතු කරගත්තා.
ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයෙකු පිටිය තුළ රැඳී සිටිමින් ක්‍රීඩා කළ වැඩිම කාලය ලෙස මිනිත්තු 2,489ක වාර්තාව ද මෙසී විසින් පිහිටුවනු ලැබුවා.

සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්
2027 සිට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක්
සබරගමුව පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්
අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
සරණ ගුණවර්ධනට බන්ධනාගාර රෝහලේ දොර වැසෙයි! පුස්තකාල සේවයට යොදවයි!
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක ජල කප්පාදුවක්