ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ඊයේ (20) ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබිණි.
එළඹෙන ජූලි 1 දිනට යෙදී ඇති චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වෙනි සංවත්සරය පිළිබඳ මෙහිදි චීන තානාපතිවරයා විසින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා දැනුවත් කරන ලදී.
105 වෙනි සංවත්සරය වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන උත්සවයට ද එහිදී ටිල්වින් සිල්වා මහතාට ආරාධනා කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයන් සඳහා චීනය සංවිධානය කරනු ලබන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවී ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් විසින් රචිත චීනයේ ආණ්ඩුකරණය (The Governance of China) යන කෘති මාලාවේ 5 වෙනි වෙළුමේ පිටපතක් ටිල්වින් මහතාට චීන තානාපතිවරයා විසින් පිළිගන්වා තිබේ.

මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල
දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
ට්‍රම්ප්ගෙන් නැවතත් ඉරානයට තර්ජනයක්
ජූලි මාසයේදී යළිත් බස් ගාස්තුව ඉහළට?
අද 2න් පස්සේ එළියට යනවා නම් කුඩේ අමතක කරන්න එපා
දයා සමූහ ව්‍යාපාරයේ දේපල බැංකුවට සින්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න නියෝග!
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්