මිරිහාන සහ නුගේගොඩ ප්‍රදේශවල පිහිටි පෞද්ගලික සමාගම් දෙකක රුපියල් මිලියන 19ක මුදලක් අයථා ලෙස ආයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අද (25) උදෑසන පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේය. එහිදී දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු මීට සුළු වේලාවකට පෙර කාර්යාංශ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි රෝහිත රාජපක්ෂ මහතා විසින් 2018 සහ 2021 අතර කාලසීමාව තුළ මෙම රුපියල් මිලියන 19ක මුදල අදාළ පෞද්ගලික සමාගම් දෙකෙහි ආයෝජනය කර ඇත.
කෙසේ වෙතත්, කිසිදු ස්ථිර රැකියාවක හෝ නිල ආදායම් මාර්ගයක නිරත නොවන පුද්ගලයකු මෙතරම් විශාල මුදලක් ආයෝජනය කරන්නේ කෙසේදැයි සැකසහිත බව පවසමින් සිවිල් පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසම වෙත ලැබුණු මෙම පැමිණිල්ල මූලික නිරීක්ෂණවලින් අනතුරුව ඉදිරි පුළුල් විමර්ශන කටයුතු සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කෙරුණි. ඒ අනුව, එම කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් මුදල් විශුද්ධිකරණ පනතට අදාළව මේ වන විට ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සක්‍රියව සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පිරිසකට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නොතීසි
පාර්ලිමේන්තුවට පැමිණි ජනපති කී කතාව
ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සැරසෙයි
2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
ජූලි 1 වනදා සිට 15%කට අධික බස් ගාස්තු වැඩිවීමක්?
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට