Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි

34 seconds ago

ශ්‍රී ලංකා – ඇමරිකානු සම්භවයක් සහිත ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර (Tiana Sumanasekera) ඉදිරි ජාත්‍යන්තර තරගාවලිවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට නිල වශයෙන් තීරණය කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ සමගින් ලොව පුරා විවිධ රටවල පදිංචිව සිටින, ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත සියලුම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මව්බිම නියෝජනය කිරීම සඳහා එක්වන ලෙසයි අමාත්‍යවරයා විවෘතව ආරාධනා කර සිටින්නේ.

එලෙස ඉදිරිපත් වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍ය සියලුම සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සම්පූර්ණයෙන්ම භාර ගැනීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *