Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු නිසා සරසවි වැසීමේ අවදානමක්?

2 hours ago

විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත විශ්වවිද්‍යාල වසාදැමීමට පියවර ගන්නා බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඩෙංගු රෝගීන් වාර්තාවීම හේතුවෙන් වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සෞඛ්‍ය අංශ උපදෙස් මත එළැඹෙන 13 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න,

“ඩෙංගු වසංගත තත්වයක් සෞඛ්‍ය අංශ විසින් මේ මොහොතේදී ජාතික මට්ටමෙන් තියෙනවා කියලා නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම අධි අවදානම් ප්‍රදේශ, දිස්ත්‍රික්ක කිහිපයක් නිවේදනය කරලත් තියෙනවා. 

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ආයතන, මේ ඩෙංගු වසංගතයෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අරන් තියෙනවා. 

උසස් අධ්‍යාපන ආයතනවල ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙනවා නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් මත වහන්න සිද්ධ වෙනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් වැහිලා තියෙන්නේ ඒ නිසා. 

ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සියලු විශ්වවිද්‍යාලට මාර්ගෝපදේශ නිකුත් කරලා තියෙනවා.

අපි කතා කළා සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් සමග. එය 13වැනිදා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

(source – ada derana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *