Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටින් රටට යන හිටපු ජනපති ගෝඨාභයට වියදම් කරන්නේ රජයේ මුදල් ද ?

2 years ago 1.4 K

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් දරණ බවත් සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ජීවත් වන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *