ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලම් මහතා ඇතුළු 209 දෙනෙකුගෙන් යුත් දූත පිරිස ඊයේ (07) රාත්‍රියේ දිවයිනට පැමිණියහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි වියට්නාම ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රික පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.
එම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ජනාධිපති ටෝ ලාම් සමග පැමිණි වියට්නාම දූත පිරිස අතර එරට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයෝ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.
වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ සංචාරක නිතරව සිටි අතර, ඒ අනුව ඔහු මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN- 1 දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබේ.
වියට්නාම ජනාධිපතිවරයා අද (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව ඇත.

ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි
වසර තුනක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්
හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
ඉන්දීය ක්‍රිකට් තරුවක් අකාලයේ මියයයි
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයක් හෙට වැසෙයි
අස්වැසුම මුදල් දෙවරක් ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු
Whatsapp භාවිතා කරන ඔබට අනතුරු ඇඟවීමක්
උදේ 10ත් සවස 4ත් අතර අව්වේ ඉන්නේ ප්‍රවේශමෙන්!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනිය ගැනීමට සැරසෙන තීරණය
LPL තරගාවලියට විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට
කොළඹ පාසල් දරුවන්ගෙන් 15%ක් අනතුරේ