පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම උදෙසා වහාම “ශාසන ශෝධන” වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
ලිපිය මගින් ඇය ඉල්ලා සිටින්නේ වර්තමානයේ බුදු සසුන ඉතිහාසයේ කවරදාකටත් වඩා බරපතල අභියෝග රැසකට මුහුණ දී ඇති බැවින්, ධර්ම සංගායනාවක් පවත්වා සසුනේ චිරස්ථිතිය තහවුරු කිරීමට මහානායක හිමිවරුන් වහාම පෙරමුණ ගැනීම සුදුසු බවයි.
නිදහසින් පසු 1956 බණ්ඩාරනායක පාලන සමයේ මෙන්ම, තම පාලන කාලය තුළ ද අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට උත්සාහ කළ ද, සසුනේ අර්බුද හරහා වරප්‍රසාද භුක්ති විඳින පාර්ශවයන් සහ ඇතැම් භික්ෂූන්ගේ විරෝධය නිසා එම උත්සාහයන් ව්‍යර්ථ වූ බවද ඇය සඳහන් කරනවා.
කලින් කලට සමාජගත වන හුදකලා සිදුවීම් වැළැක්වීමට උත්සාහ කිරීමෙන් සැබෑ අර්බුදය යටපත් වන බැවින්, ගැටලුවලට කෙටිකාලීන හා දීර්ඝකාලීන ස්ථිර විසඳුම් සෙවීම සඳහා පුළුල් අභ්‍යන්තර සංවාදයක් වහාම ආරම්භ කළ යුතු බවයි ඇය පවසන්නේ.
මෙම කාර්යභාරය සහ සංවිධාන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට දිවයිනේ ජ්‍යෙෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් කණ්ඩායමක් සමග එක්ව උපරිම දායකත්වය ලබාදීමට තමන් සූදානම් බව ද හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කරනවා.

හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ