Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශයක්

39 minutes ago

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.

අද (12) පෙරවරුවේ ඒ මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඥාතීන් සඳහන් කර ඇත්තේ, පවතින රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු මට්ටමේ තර්ජනයක් මතු වී ඇති බවයි.

මේ අතර, සුරේෂ් සලේ මහතා මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මඟින් මහානායක හිමිපාණන් පෙන්වා දී ඇත්තේ, සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පසුගියදා මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සංවේදී ආයාචනයක් සිදු කළ බවයි.

තම ස්වාමියා මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මුදාගෙන ඔහුට මානුෂීය පදනමක් යටතේ සහනයක් ලබා දීමට මැදිහත් වන ලෙස ඇය මහ නාහිමියන්ගෙන් ඉල්ලා ඇත. ඒ අනුව එම ආයාචනය ජනාධිපතිවරයා වෙත යොමු කරමින්, මේ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු සාධාරණ පියවරක් ගන්නා ලෙස අස්ගිරි මහා නාහිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *