Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයදුම්පත් කැඳවයි

15 minutes ago

2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ ‘වෘත්තීය විෂය ධාරාවේ’ 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අද (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොසලකා සිසුන්ට 13 වසරක අධ්‍යාපනය සහතික කිරීමේ අරමුණින් මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සලකනු නොලැබේ.

2025(2026) වසරේ හෝ පසුගිය වසර 3ක් ඇතුළත අ.පො.ස. (සාමාන්‍ය) පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට මේ සඳහා අයදුම් කළ හැකිය.

12 සහ 13 ශ්‍රේණිවල පාසල් අධ්‍යාපනය ලබන අතරතුර දේශීය හා විදේශීය පිළිගැනීමක් සහිත NVQ Level 4 වෘත්තීය සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වේ.

සිසුන්ගේ මෘදු කුසලතා සංවර්ධනය සහ වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබේ.

සිසුන් තෝරාගන්නා ක්ෂේත්‍රය අනුව, රජයේ වෘත්තීය පුහුණු ආයතනයක් මඟින් ලබාදෙන NVQ 4 මට්ටමේ පුහුණුව සඳහා පාසල විසින්ම සිසුන් යොමු කරනු ඇත. මෙහිදී වෘත්තීය පුහුණු ආයතනයක මෙන්ම රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුව ලැබීමේ හැකියාව ද පවතී.

පුහුණුව සාර්ථකව නිම කරන සිසුන්ට හිමිවන NVQ 4 සහතිකය මඟින් දේශීය හෝ විදේශීය රැකියා අවස්ථා, උසස් අධ්‍යාපනය හෝ ස්වයං රැකියා (ව්‍යවසායකත්ව) ක්ෂේත්‍ර වෙත සෘජුවම පිවිසිය හැකිය.

ඒ අනුව අදාළ විෂය ධාරාව හැදෑරීමට අපේක්ෂිත පාසලේ විදුහල්පති වෙත 2026 ජූලි 08 වන දිනට පෙර අයදුම්පත්‍රයක් යොමු කළ යුතුය. 

එම අයදුම්පත www.moe.gov.lk යන වෙබ් අඩවියෙන් බාගත කළ හැකි ය.

එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ශාඛාව හා සම්බන්ධ වීමෙන් හෝ පහත දූරකථන අංක, වෙබ් අඩවි ලිපිනය හා www.facebook.com/VocationalStream/ යන Facebook පිටුව හරහාද ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

මෙම වැඩසටහන යටතේ,

සංචාරක හා ආගන්තුක සත්කාරය

මෝටර් රථ හා රථ වාහන තාක්ෂණ ශිල්පය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)

සෞඛ්‍ය හා සත්කාර සේවා

මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය

රූපලාවන්‍ය ශිල්පය

ප්‍රාසාංගික කලා ඇතුළු ශිල්ප

ආහාර නිෂ්පාදනය සහ ඇඟලුම් ක්ෂේත්‍රය

විදුලිය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ පෑස්සුම් ශිල්පය

ලෝහ පිරිසැකසුම්කරණය සහ යන්ත්‍ර ක්‍රියාකරවීම

ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ හා උද්‍යාන අලංකරණය

කෘෂි, වැවිලි කර්මාන්තය සහ ජලජ සම්පත් තාක්ෂණය

ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප

වෙළඳ හා සැපයුම් ක්ෂේත්‍රය…

යන ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණු අවස්ථා සිසුන්ට විවෘතව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *