දුම්රිය රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව සඳහා අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (03) පොළොන්නරුවේදී පැවසීය.
බදු සහන ක්‍රමය යටතේ එය ලබාදෙන බවත් මේ අනුව වසරකට පර්චසයක් සඳහා රුපියල් සියයක් අය කරන බවද අමාත්‍යවරයා හෙතෙම පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපය දී පැවැති ජංගම සේවය සේවා වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
“ජනාධිපතිතුමාත් අග්රාමාත්යතුමාත්,අපි ඔක්කොම කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා.මේ ආහාර අර්බුදය නිසා වගා කටයුතු කිරීම සඳහා හදිසි අවශ්‍යතාවය නිසා කෙටි කාලීන බෝග වගාව සඳහා දුම්රිය රක්ෂිත බදු පදනම යටතේ ගොවි සංවිධාන වලට ලබා දෙන්න එහිදී අප අයකරන්නේ පර්චස් එකකට අවුරුද්දකට රුපියල් සීයක් පර්චස් දහයක් බදු ගත්තොත් රුපියල් දාහයි.
රුපියල් දාහකට අවුරුද්දයි වගා කරන්න පුළුවන් හැබැයි හේනේ පැල් රකින්න කියලා පැලක් එහෙම හදන්න බෑ.කිසිම ඉදිකිරීමක් කරන්න බෑ,කෙටි කාලීන බෝග පමණයි මිරිස් සිටවන්න.අල බතල වියළි කලාපය හැදෙන වෙනත් බෝග වර්ග.ධාන්‍ය වර්ග මුං මෙවැනි කෙටි කාලීන බෝග වගා කරන්න තමුන්නාසේලාට ගොවි සංවිධාන මට්ටමෙන් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්තුමා හම්බෙලා කතා කරලා මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්.”
මේ අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සංචාරක දුම්රිය ගමන් වාර කීපයක් ද කොළඹ සිට ප්‍රදේශ කීපයකට එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
දුම්රිය රක්ෂිතවල දැනට පදිංචි වී සිටින පුද්ගලයින් සඳහා බදු බලපත්‍ර ප්රදානය කිරීමත් ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.
source – ada
PREVIOUS : අදත් පැයක් අඳුරේ – විදුලි කප්පාදු කාලසටහන මෙන්න

රටම බලා සිටි පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි! විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට! (වීඩියෝ)
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි