දුම්රිය රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව සඳහා අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (03) පොළොන්නරුවේදී පැවසීය.
බදු සහන ක්‍රමය යටතේ එය ලබාදෙන බවත් මේ අනුව වසරකට පර්චසයක් සඳහා රුපියල් සියයක් අය කරන බවද අමාත්‍යවරයා හෙතෙම පැවසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්‍රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපය දී පැවැති ජංගම සේවය සේවා වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
“ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත්,අපි ඔක්කොම කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා.මේ ආහාර අර්බුදය නිසා වගා කටයුතු කිරීම සඳහා හදිසි අවශ්‍යතාවය නිසා කෙටි කාලීන බෝග වගාව සඳහා දුම්රිය රක්ෂිත බදු පදනම යටතේ ගොවි සංවිධාන වලට ලබා දෙන්න එහිදී අප අයකරන්නේ පර්චස් එකකට අවුරුද්දකට රුපියල් සීයක් පර්චස් දහයක් බදු ගත්තොත් රුපියල් දාහයි.
රුපියල් දාහකට අවුරුද්දයි වගා කරන්න පුළුවන් හැබැයි හේනේ පැල් රකින්න කියලා පැලක් එහෙම හදන්න බෑ.කිසිම ඉදිකිරීමක් කරන්න බෑ,කෙටි කාලීන බෝග පමණයි මිරිස් සිටවන්න.අල බතල වියළි කලාපය හැදෙන වෙනත් බෝග වර්ග.ධාන්‍ය වර්ග මුං මෙවැනි කෙටි කාලීන බෝග වගා කරන්න තමුන්නාසේලාට ගොවි සංවිධාන මට්ටමෙන් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්තුමා හම්බෙලා කතා කරලා මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්.”
මේ අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සංචාරක දුම්රිය ගමන් වාර කීපයක් ද කොළඹ සිට ප්‍රදේශ කීපයකට එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
දුම්රිය රක්ෂිතවල දැනට පදිංචි වී සිටින පුද්ගලයින් සඳහා බදු බලපත්‍ර ප්‍රදානය කිරීමත් ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.
source – ada
PREVIOUS : අදත් පැයක් අඳුරේ – විදුලි කප්පාදු කාලසටහන මෙන්න

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට