නිවසේ සුරතලයට ඇති කරන බැළලිය සමඟ තම සැමියා කායික සම්බන්ධතා පවත්වන බවට බිරියක විසින් කරන ලද පැමිණිල්ලක් මත එම අඹුසැමි යුවළ ගම්පහ මහ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත සැමියාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීගේ උපදෙස් මත එම යුවළ මෙසේ මානසික රෝග පිළිබඳ විශේෂඥවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
අවුරුදු 47ක් වයසැති සැමියා වෙළෙඳසලක හිමිකරුවෙකි. බිරියට අවුරුදු 43කි. ඔවුන්ට දරුවන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි.
එක් දරුවෙකු උසස් අධ්‍යාපනය ලබන හෙයින් නිවසේ නොසිටින අතර අනෙක් දරු දෙදෙනා නිවසේ සිටිති.
එම දරු දෙදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ තුළින් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් නොවන බව ද පොලිසිය පවසයි.
සැමියා නාන කාමරය තුළට බැළලිය රැගෙන ගොස් කායිකව එක්වන අයුරු ඇසින් දුටු බවට බිරිය චෝදනා කරන බවත් සැමියා එකී චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පොලිසිය පවසයි.
අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
ටෝනි කරුණානායක

2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු