නිවසේ සුරතලයට ඇති කරන බැළලිය සමඟ තම සැමියා කායික සම්බන්ධතා පවත්වන බවට බිරියක විසින් කරන ලද පැමිණිල්ලක් මත එම අඹුසැමි යුවළ ගම්පහ මහ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත සැමියාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීගේ උපදෙස් මත එම යුවළ මෙසේ මානසික රෝග පිළිබඳ විශේෂඥවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
අවුරුදු 47ක් වයසැති සැමියා වෙළෙඳසලක හිමිකරුවෙකි. බිරියට අවුරුදු 43කි. ඔවුන්ට දරුවන් තිදෙනකු සිටින බවත් පොලිසිය පවසයි.
එක් දරුවෙකු උසස් අධ්‍යාපනය ලබන හෙයින් නිවසේ නොසිටින අතර අනෙක් දරු දෙදෙනා නිවසේ සිටිති.
එම දරු දෙදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ තුළින් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් නොවන බව ද පොලිසිය පවසයි.
සැමියා නාන කාමරය තුළට බැළලිය රැගෙන ගොස් කායිකව එක්වන අයුරු ඇසින් දුටු බවට බිරිය චෝදනා කරන බවත් සැමියා එකී චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පොලිසිය පවසයි.
අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
ටෝනි කරුණානායක

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්