බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම්, කාෂිකර්ම සහ වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
වර්තමානයේ කුකුළු මස් සහ බිත්තර කර්මාන්තයේ පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.
බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගතහොත් දින 15 ක් ඇතුළත වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය නැති කළ හැකි බව කර්මාන්තකරුවන් එහිදී පෙන්වා දී ඇත.
මේ අතර උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.


පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි