එකලස් කළ යකඩ හීනය නිසා සිසුවෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි
16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් යමින් සිටියදී මකුළුදූව ප්‍රදේශයේදී අද (27) පෙරවරුවේදී දුරකථන කණුවක ගැටී තිබෙනවා.
එම අනතුරින් එක් සිසුවෙකු මිය ගොස් අනෙක් සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පිළියන්දල පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් මියගොස් ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබන පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙක්.
සිදු වූ අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය සහ යතුරුපැදියේ තවත් කොටස් කිහිපයක් කැඩි වෙන් වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මියගිය සිසුවා පැදවූ යතුරුපැදිය කොටස් එකලස් කරන ලද එකක් බව පොලිසිය පවසනවා.
මියගිය සිසුවාට රියදුරු බලපත්‍රයක් නොමැති බවත්, බරපතල තුවාල ලද පසුපැදිකරු ආරක්ෂක හිස් වැසුම් පැළඳ නොසිටි බවත්, විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
යතුරුපැදිය ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී වේගය පාලනය කර ගත නොහැකිව දුරකථන කණුවේ ගැටී මෙම අනතුර වී සිදු වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි පසුපැදිකරු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පැදිකරු පිළියන්දල දිසාරෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
විදේශ ගතව සිටින පියාට පෙරැත්තකිරීම හේතුවෙන් මීට මාස දෙකකට පමණ ඉහතදී මෙම යතුරුපැදිය සිසුවාට මිලදීගෙන තිබේ.
මව රැකියාවට ගිය අතරවාරයේදී නැගණිය පමණක් නිවසේ සිට ඇති අතර මියගිය දරුවා යතුරුපැදිය රැගෙන ඒ ආසන්නයේ නිවසක පදිංචි එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරෙකු සමග මකුළුදූව සිට ඇරැව්වල දෙසට යමින් සිටියදී එම දිසාවට ගමන් ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමටයාමේදී වේගය පාලනය කර ගත නොහැකිව දුරකථන කණුවේ ගැටී මෙම අනතුර වී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉස්සර නම් අනුර මාත් එක්ක රෑට පැය ගණන් කෝල් එකේ ඉන්නවා – දයාසිරි ජයසේකර
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි