Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්

2 minutes ago

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ බ්‍රිතාන්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවකට අද (27) හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) නිවේදනය කළේ, මෙම ප්‍රහාරයෙන් යාත්‍රාවට යම් හානි සිදු වී ඇති නමුත් එහි සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් කිසිදු අනතුරකින් තොරව ආරක්ෂිතව පසුවන බවයි.

මීට දින කිහිපයකට පෙර ද හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ සිංගප්පූරුවට අයත් ඉන්ධන නැවකට ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල විය. 

ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අමෙරිකානු බලධාරීන් විසින් ඊයේ (26) දිනයේදී ඉරානයේ ඇතැම් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා වේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *