2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කර තිබේ.
මහ බැංකු වාර්තාවලට අනුව, සිකුරාදා (26) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.22ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 341.87ක් ලෙස පැවතුණි.
කෙසේ නමුත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මාසයේදී ප්‍රකාශ කළේ, වත්මන් රුපියල අවප්‍රමාණය වීම 2022 වසරේ සිදු වූ දරුණු කඩා වැටීමට වඩා වෙනස් එකක් බවය.
වර්ථමානයේ රුපියල පහළ යාමට හේතු වී ඇත්තේ දේශීය සිද්ධීන් නොව ගෝලීය තත්ත්වයන් බව ඔහු පෙන්වා දුන්නේය.
2022 මාර්තු-අප්‍රේල් කාලසීමාව තුළ අනෙකුත් කලාපීය මුදල් ඒකක ස්ථාවරව පවතිද්දී, ශ්‍රී ලංකා රුපියල රුපියල් 370 දක්වා බිඳ වැටුණේ දේශීය සාධක හේතුවෙන් බව ඔහු සඳහන් කළේය.

යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
සති අන්තයේ කාලගුණය
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බලාපොරොත්තු බොඳ වෙයි
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට අධිකරණ ක්‍රියාමාර්ග
පොසොන් පොහොයට දන්සැල් 18,000ක්
බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්