Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්

3 minutes ago

මෙරටට සම්බුද්ධ දර්ශනය උරුම වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා වෙනුවෙන් ජනතාව මේවන විටත් පිළිවෙතින් පෙළගැසී සිටියි.

ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම්ව පවතී.

මෙවර පොසොන් උත්සවය දීර්ඝ සතිඅන්තයක් අවසානයේ යෙදී ඇති බැවින් සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක් අනුරාධපුර පූජා නගරය වෙත මේ වන විටත් පැමිණෙමින් සිටියි.

එම පැමිණෙන ජනතතාව පූජා භූමි නගරය තුළ ඇති ගස්කොළන්, ස්මාරක සුරකින ලෙසත් කසළ බැහැර කිරීමෙන් වළකින ලෙසත් වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල්වැටුණවැවේ ඥානතිලක හිමි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

“මෙවර අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 15-17ක් අතර ප්‍රමාණයක් එයි කියලා. ගිය අවුරුද්දට වඩා පිරිසක් එයි කියලා අපි හිතනවා. ගහට කොළට, ඇළට දොළට, සතාගේ සිව්පාවගේ පවා ජීවිතවල වටිනාකමක් දීපු දිනයක් ලක්ෂ ගානක් එන ජනතාවගෙන් පුංචි කාරණයක් ඉල්ලන්න කැමතියි මේ පලාතට එනකොට මේ ගස් කොළන්, මේ තියන පුරාවිද්‍යාත්මක ස්ථාන, පරිසරය සහ ස්වභාවධර්මයත් එක්ක ජීවත්වෙන මේ බුදුදහම ස්පර්ශය කරන්න එන ඔබ මේවා රැකලා දෙන්න.”

එමෙන්ම අනුරාධපුරය වෙත පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් රැසක් සූදානම් කර ඇති බවත් නිසි පරිදි කසළ බැහැර කරමින් පූජා නගරය පිරිසිදුව තබා ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙසත් පොසොන් කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන සැදැහැවතුන්ට දිරන කසළ සහ නොදිරන කසළ ක්‍රමවත් ලෙස බැහැර කිරීම සඳහා කසළ මළු බෙදාදීමේ වැඩසටහනක් මනුසත් දෙරණ තවත් ආයතන කිහිපයක් සමඟින් අත්වැල් බැඳගනිමින් දියත් කරනු ලැබීය.

මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු මැද පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා අදහස් දක්වමින් පැවසුවේ පොසොන් සතිය පුරා නිල ඇඳුමෙන් යුත් පොලිස් නිලධාරීන් 3,180 දෙනෙකු ඇතුළු නිලධාරීන් 3,500කට අධික සංඛ්‍යාවක් රාජකාරි ලෙස යොදවා ඇති බවය.

“පූජනීය ස්ථානවලට ගමන් කිරීමේදී විශාල ගමන්මළු ආදිය, හෙල්මට් ආදිය රැගෙන ඇතුල් වෙන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ ගමන්මළු තමන්ගේ වාහනයේම තියලා පූජාභූමිය වෙත ඇතුළ් වෙන්න. ජීවිත ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 320ක් අපි යොදවලා තියෙනවා. දිය නෑමට අදහස් කරන බැතිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ජීවිත ආරක්ෂක නිලධාරීන් සිටින ස්ථානවල පමණක් දිය නෑම සඳහා භාවිත කරන්න”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *