ශබ්දය වෙනස් කර ඇති, මුල් ආකෘතිය වෙනස් කර ඇති සහ ලියාපදිංචි නොකළ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිවු. පී. ජේ. සේනාධීර මහතා අද (13) මේ බව පැවසීය.
යතුරුපැදි කණ්ඩායම් වශයෙන් ගමන් කරන ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිත කර විකෘති මානසිකත්වයකින් රිය ධාවනය කරන බවට නිරීක්ෂණය වී ඇති බවද ඔහු සඳහන් කළේය.
එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු සමාවක් ලබා නොදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු රථවාහන නිලධාරීන් දැනුවත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එමෙන්ම වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට හෝ රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට වාහන ලබාදෙන දෙමාපියන් ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේය.
“ලියාපදිංචි නොකළ ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි, ශබ්දය වෙනස් කරලා තියෙන, මුල් ආකෘති වෙනස් කරලා තියෙන යතුරුපැදි භාරයට ගන්න කියලා රථ වාහන නිලධාරීන්ට අපි උපදෙස් දීලා තියෙන්නේ. අපි දැක්ක දෙයක් තමයි කණ්ඩායමක් වශෙයෙන් යතුරුපැදි පදින අය අඩුම වශයෙන් මත් පෙති හරි පාවිච්චි කරලා නැත්නම් ගංජා, නැත්නම් අයිස්, නැත්නම් කොකේන් ඒ වගේ මත්ද්‍රව්‍ය පාවිච්කරලා විකෘත්ති මානසිකත්වයකින් තමයි මේ යතුරුපැදි පදින්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපිට දෙන්න තියෙන පණිවුඩය තමයි, අපි රථ වාහන නිලධාරීන්ව දැනුම්වත් කරලා තියෙන්නේ කිසිම සමාවක් දෙන්න එපා මෙවැනි නොහික්මුණු විනය ගරුක නොවන, නීති ගරුක නොවන තරුණයෝ නිසා මුළු සමාජයම අනතුරට ලක්වෙන්න දෙන්න එපා. ඒ නිසා අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. වයස අවුරුදු 18 අඩු කෙනෙකුට එහෙම නැතිනම් 18 වැඩි කෙනෙකුට රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට වාහනයක් දෙනවානම්, විශේෂයෙන් අපි දකිනවා දෙමාපියෝ වාහන දෙනවා පැහැදිලිවම අපි ස්ථානාධිපතිවරුන්ට කියලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න. ඒ අය පියා හෝ කමන් නෑ ඉදිරිපත් කරන්න.”

වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දීර්ඝ කෙරේ
හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා
වීරකැටියේ වෙඩි තැබීමක්! තරුණයෙකුට තුවාල!
බෙන්තොට මුහුදේදී අතුරුදහන් වූ ඉන්දියානු තරුණයා
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
22, ලබන18 වැනිදා පාර්ලිමේන්තුවට
විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද?
උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවෙලාද? විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ ප්‍රකාශයක්
හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි
රියදුරන්ට දැනුම්දීමක්