Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිනමා ඉතිහාසය නැවත ලියූ ‘එදා රෑ’! දින 40න් රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක්!

2 hours ago

ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය කළ ‘එදා රෑ’ චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව තිබේ.

චිත්‍රපටය නිකුත් කර දින 40ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 8,093ක (රු. 809,300,000) දැවැන්ත ආදායමක් වාර්තා කර ඇත.

මීට පෙර මෙම ආදායම් වාර්තාව රුපියල් ලක්ෂ 6,300ක ආදායමක් වාර්තා කළ ‘ධර්මයුද්ධය 2’ චිත්‍රපටය සතුව තිබූ අතර, එම වාර්තාව අභිබවා යමින් ‘එදා රෑ’ නව සිනමා වාර්තාවක් පිහිටුවා තිබේ.

වාර්තාගත ආදායමක් වාර්තා කරමින් සිටින ‘එදා රෑ’ චිත්‍රපටය මේ වන විටත් දිවයින පුරා සිනමා ශාලාවල අඛණ්ඩව තිරගත වෙමින් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *