මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයන් අතරින් තවත් මිලියන 4ක පමණ පිරිසක් TIN අංකය ලබාගෙන ලියාපදිංචි වීමට සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.
අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඒ බව සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයන් මිලියන 13ක් පමණ TIN අංක සඳහා ලියාපදිංචි වී ඇති බවත්, මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ජනගහනය මිලියන 17ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව තවත් මිලියන 4ක පමණ පිරිසක් TIN අංකය ලබාගෙන ලියාපදිංචි විය යුතු බවට හඳුනාගෙන ඇතැයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
“පසුගිය කාලයේදී අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් සඳහා පමණයි අප TIN අංකය අනිවාර්ය කළේ. නමුත් නීතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුදෙනාම TIN අංකයක් ලබාගත යුතුයි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ අනියත බියක් ඇති වී තිබුණා. දැනටත් එවැනි බියක් පවතිනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සෑම පුද්ගලයෙකුම බදු ගෙවිය යුතු නැහැ. එවැනි අවශ්‍යතාවක් නැහැ. මෙහි නීතිමය අවශ්‍යතාව ඇති කර තිබෙන්නේ බදු ක්‍රමය විධිමත් කිරීම සඳහායි.”

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ජනතා මුදල් වංචා කරන ව්‍යාජ කෙටි පණිවිඩයක් ගැන නිවේදනයක්
2027 අයවැයෙන් ජනතාවට සහන රැසක් – ටී.බී සරත්
පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි
සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි
අධිකරණ නියෝග නොතකා තෙවැනි දිනටත් ක්‍රියාත්මක වන කස්සප හිමියන් ඇතුළු පිරිසේ සත්‍යග්‍රහය
2027 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කෙරේ
වසර 26ක ජයග්‍රහණ පිපාසය නිම කිරීමට ශ්‍රී ලංකාව අද රාවල්පිණ්ඩිහිදී පිටියට
දෙණියායේ කැලේදොළට සිව්දෙනෙක් බිලිවෙයි
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
නලින් බණ්ඩාර නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් රේගු භාරයට
පොහොට්ටුවෙන් සජිත් ප්‍රේමදාසට ලිපියක්