Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට පෙනහලු පිළිකා ඉහළට! වැළඳීමට හේතූ වන කරුණු ගැන අනාවරණයක්!

27 minutes ago

මෙරට පෙනහලු පිළිකා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

2010 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මෙරට පෙනහලු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ශ්වසන විද්‍යායතනයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා සඳහන් කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ පිරිමි පුද්ගලයන් අතර ප්‍රධාන පිළිකා තත්ත්වයක් බවට පෙනහලු පිළිකා පත්වෙමින් පවතින අතර කාන්තාවන් අතර ද එය ප්‍රධාන පිළිකා වර්ග 10 අතරට පැමිණෙමින් ඇති බවයි.

මේ අතර, දුම්පානය පෙනහලු පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවක් බවත්, ද්විතීක දුම්පානය, වායු දූෂණය සහ දර හා භූමිතෙල් භාවිතයෙන් ඇතිවන ගෘහස්ථ දුමාරය ද ඒ සඳහා අවදානම් සාධක බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.

එමෙන්ම ඇස්බැස්ටෝස්, සිලිකා සහ රේඩෝන් වැනි පිළිකාකාරකවලට නිරාවරණය වීම ද පෙනහලු පිළිකා අවදානම ඉහළ නැංවීමට හේතු වන බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *