ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (01) තරමක් පහළ ගොස් තිබේ. මැදපෙරදිග පවතින ආතතිකාරී තත්ත්වය මෙන්ම මෙම සතියේ නිකුත් කිරීමට නියමිත ප්‍රධාන අමෙරිකානු ශ්‍රම වෙළෙඳපොළ දත්ත පිළිබඳව වෙළෙඳුන්ගේ අවධානය යොමුවීම ඊට ප්‍රධාන හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ස්පොට් රන් අවුන්සයක මිල 0.3%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 4,437.10ක් ලෙස සටහන් වී ඇත. කෙසේ වෙතත්, අනාගත ගනුදෙනුකරුවන් සමඟ කෙරෙන රන් ගනුදෙනුවලදී (Futures) රන් මිල 0.1%කින් ඉහළ ගොස් ඩොලර් 4,485.30ක් දක්වා සටහන් වී තිබේ.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පිළිබඳව අනතුරු අඟවා තිබීම හේතුවෙන් මැදපෙරදිග ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, තෙල් මිලද අඛණ්ඩව දෙවැනි දිනටත් ඉහළ ගොස් ඇත.
පොලී අනුපාත ඉහළ යාම සාමාන්‍යයෙන් පොලී ආදායම් ලබාදෙන වත්කම්වල ආකර්ෂණය වැඩි කරන බැවින් එය රන් මිල කෙරෙහි පීඩනයක් එල්ල කරන බව විශ්ලේෂකයෝ පවසති.
අනෙකුත් වටිනා ලෝහ අතර, රිදී මිල 0.3%කින් ඉහළ ගොස් අවුන්සයකට ඩොලර් 66.34ක් ලෙසත්, ප්ලැටිනම් මිල 0.1%කින් ඉහළ ගොස් ඩොලර් 1,793.03ක් ලෙසත් සටහන් වන අතර පැලේඩියම් මිල ඩොලර් 1,356.75ක් ලෙස සටහන් වේ.

22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි
පයාගල වෙඩිල්ලෙන් පානදුර නිලංගගේ මස්සිනාට දිවි අහිමි වෙයි
සැඩ පහරට හසුවූ තරුණයා අතුරුදහන්
විදුලි බිල වැඩිවෙයිද?
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කාලගුණය උඩු යටිකුරු වෙන ලකුණු
ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!